- සෑම පිරිමි ශිෂ්‍යයකුම කොණ්ඩය කොටට කැපිය යුතුය.
- දිනක් හෝ දෙකක් පාසලට නොපැමිණෙන සිසුන් නොපැමිණීමට හේතුව දන්වා පියා/මව/භාරකරුවාගේ ලිපියක් රැගෙන ආ යුතුය.
- අසනීප නිසා දින තුනකට වැඩි වූ විට වෛද්‍ය සහතිකයක් හෝ භාරකරු විද්‍යාලයට පැමිණ දැන්විය යුතුය.
- දිනපතා පෙරවරු 7.20 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- පාසල් වෙලාවේදී පාසලෙන් බැහැර යෑමට ලිඛිත අවසරයක් තිබිය යුතුය.
- වර්ෂයේ අවසාන වන තුරු අභ්‍යාසපොත් හා නොමිලේ සපයන පොත් පිරිසිදුව පරිහරණය කළ යුතුය.
- විද්‍යාලයේ අභ්‍යන්තර විභාග වලට අනිවාරයෙන්ම පෙනී සිටිය යුතුය.
- ප්‍රගති වාර්තාව දෙමව්පියන්ට පෙන්වා අත්සන් කරවා නැවත නියමිත දිනට පන්තිභාර ගුරුතුමාට/ගුරුතුමියට භාරදිය යුතුය.
- සේවා හා පහසුකම් ගාස්තු වසර අවසන් වීමට ප්‍රථම ගෙවා අවසන් කළ යුතුය 1-5 = රු.36/-, 6-13 = රු.60/-
- පාසල් සංවර්ධන සමිතිය විසින් අනුමත කරන ලද ගාස්තුවද වාර්ෂිකව ගෙවිය යුතුය.
- පාසල් ගොඩනැගිලි උපකරණ ඔබගේ වස්තුවකි. ඒවා පිරිසිදුව තබා ගැනීමත් ආරක්ෂා කර ගැනීමත් ඔබගේ පරම යුතුකමකිි.
- නිතර නිතර නීති උල්ලංඝනය කරන සිසුන් පිළිබඳ දෙමාපියන් සමඟ සාකච්ඡා කිරීමෙන් ප්‍රගතියක් නොපෙනෙන්නේ නම් එබඳු සිසුන් පාසලෙන් අස් කිරීමට සිදුවෙයි.
- සහතික ගැනීමේ දී ප්‍රමාද දෝෂ ඇතිවිය හැකිය. එම නිසා අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) විභාගයට දෙවතාවක් පෙනී සිටීමෙන් පසු හෝ වෙනත් හේතුවක් නිසා හෝ පාසලට පැමිණීම නතර වන අවස්ථාවේදී තමාගේ සහතික ද ඒ සමග ගෙන යා යුතුය.
- චරිත සහතිකයක් නිකුත් කිරීම අනිවාර්ය නොවේ එය ශිෂ්‍ය/ශිෂ්‍යාව උපයාගත යුතුය. ඒ සඳහා ඉහත සඳහන් කරුණු අනුව ජීවිතය ගත කළ යුතුය.
- සියලුම සහතික නිකුත් කරනුයේ අඟහරුවාද හා බ්‍රහස්පතින්දා දිනවල පමණි






