අධ්‍යාපනික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දිනෙන් දිනම දියුණු කරා පා තබන මෙම විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1948 මියන් කුලමේ සුමනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් එවකට ගමේ සිටි ප්‍රභූවරයෙකු වූ ජී.ජී. උප ජීව මහතාගේ මූලිකත්වයෙන් බෞද්ධ පාසලක් ලෙස ආරම්භ වේ.
මෙහි පළමු මුල් ගුරුතුමා ලෙස එස්.සමරදිවාකර මහතා පත්වූ අතර ගුරුතුමිය දස්කොන් මහත්මියයි. මුලින්ම පොල් අතු මඩුවක ධර්මශාලාවේ ආරම්භ වුණ මෙම විද්‍යාලය 1960 දී මෙහි පළමු මුල් ගුරුතුමා ලෙස එස්.සමරදිවාකර මහතා පත්වූ අතර ගුරුතුමිය දස්කොන් මහත්මියයි. මුලින්ම පොල් අතු මඩුවක ධර්මශාලාවේ ආරම්භ වුණ මෙම විද්‍යාලය ප්‍රථම 5 වසර ශිෂ්‍යත්ව ධාරනියක් බිහි කිරීමට හැකි වී ඇත.1962 දී ලියන්ගස්තැන්න ග්‍රී රතනජෝති හිමියන් ලියන්ගස්තැන්න විහාරස්ථාන භූමියට අයත් අක්කර 1 ½ කින් යුත් ඉඩමක් ලබා දී ඇති අතර එම භූමියේ එතැන් සිට වර්තමාන පාසල ගොඩනගා ඇත. දිනෙන් දින දියුණුව කරා පා නගන ධර්මවිජය මහා විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා ලෙස සේවය කරන්නේ එස්.එම්.ඒ.ඒ.එස්.මංචනායක මහතා ය.
|
ආරම්භ කළ වර්ෂය |
1948 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
10 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
50 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.සමරදිවාකර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ධර්ම විජය මහා විද්‍යාලය |






