මධ්‍යම පළාතේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති මිශ්‍ර පාසලක් වන මප/කටු ධර්මවිජය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. කලා,වාණිජ විෂය ධාරාව උසස් පෙළ අංශයෙන් හැදෑරීමට දූ දරුවන්ට අවස්ථාව ලැබී ඇත. මෙහි සේවය කරන ඇදුරු මඩුල්ල ගුරු මහත්ම මහත්මීන් 50 සමන්විත වේ. අධ්‍යාපනික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දිනෙන් දිනම දියුණු කරා පා තබන මෙම විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1948 මියන් කුලමේ සුමනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් එවකට ගමේ සිටි ප්‍රභූවරයෙකු වූ ජී.ජී. උප ජීව මහතාගේ මූලිකත්වයෙන් බෞද්ධ පාසලක් ලෙස ආරම්භ වේ. මෙහි පළමු මුල් ගුරුතුමා ලෙස එස්.සමරදිවාකර මහතා පත්වූ අතර ගුරුතුමිය දස්කොන් මහත්මියයි. මුලින්ම පොල් අතු මඩුවක ධර්මශාලාවේ ආරම්භ වුණ මෙම විද්‍යාලය 1960 දී මෙහි පළමු මුල් ගුරුතුමා ලෙස එස්.සමරදිවාකර මහතා පත්වූ අතර ගුරුතුමිය දස්කොන් මහත්මියයි. මුලින්ම පොල් අතු මඩුවක ධර්මශාලාවේ ආරම්භ වුණ මෙම විද්‍යාලය ප්‍රථම 5 වසර ශිෂ්‍යත්ව ධාරනියක් බිහි කිරීමට හැකි වී ඇත.1962 දී ලියන්ගස්තැන්න ග්‍රී රතනජෝති හිමියන් ලියන්ගස්තැන්න විහාරස්ථාන භූමියට අයත් අක්කර 1 ½ කින් යුත් ඉඩමක් ලබා දී ඇති අතර එම භූමියේ එතැන් සිට වර්තමාන පාසල ගොඩනගා ඇත. දිනෙන් දින දියුණුව කරා පා නගන ධර්මවිජය මහා විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා ලෙස සේවය කරන්නේ එස්.එම්.ඒ.ඒ.එස්.මංචනායක මහතා ය. 2016 වසරේ “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසලක් බවට පත්වීමත් සමඟ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි වීම හා ඉදිරිපස ආවරණ බැම්ම ඉදි වීම මෙම පාසලේ අනාගත දූ දරුවන්ගේ ජයග්‍රහණයකි. දෙමාපිය පරිත්‍යාගයක් ලෙස නව බුදුමැදුර ඉදිවීම පාසල තුළ බෞද්ධ පරිසරයක් ගොඩ නැගීමට මහත් රුකුලක් විය.
වැඩ ලෝකය ජයගත හැකි සමබර පෞරුෂයකින් යුත් පුරවැසියෙකු බිහි කිරීම.
අධ්‍යාපනයෙන් අපේක්ෂිත ජාතික පොදු අරමුණු සාක්ෂාත් කරගත හැකි සෑම නිකුණතාවයක්ම ළඟා කර ගැනීමට ප්‍රයත්නයක නිරතවීම අපගේ මෙහෙවර වන්නේය